ආදර්ශ නම්

හොඳ නමෙක ගුණාංග

 

♦ මනහර බව
♦ අන් අය ගේ සිත් අදනා සුලු බව
♦ මිහිරියාව
♦ අරුත්බර බව
♦ ඉසිරැවීමේ (උච්චාරණයේ)පහසුව
♦ දිගාසිරි, දියුණුව, ජනප‍්‍රිය බව තහවුරු වන සේ සුබ ගණ පදනම් කොට තනා තිබීම
♦ උපන් නැකැතට අනුව නමෙහි පළමු අකුර තෝරාගෙන තිබීම
♦ වාසගමට අනුරූප වීම

 

සහතික කිරීම සඳහා නිසි සංඛ්‍යාත්මක ගණනය කිරීම් මත පදනම්ව – දීර්ඝායුෂ, ප්‍රගතිය ජනප්‍රියත්වය ආදිය.

“නමක පළමු අකුර උපන් වේලාව අනුව තෝරා ගත යුතුය.”

හොඳ නමෙක ඇති ලකුණු

 

♦ උපන් වේලාවට ගැළපෙන බව
♦ යහපත් අරුතක් සහිත වීම
♦ තම අනන්‍යතාවත් ජාතියේ අනන්‍යතාවත් දක්වන්නක් වීම
♦ මිහිරි හඬක් සහිත වීම
♦ කෙටි හා සරල බව
♦ ඉතා පැහැදිලි ව ශ්‍රවණය කළ හැකි බව
♦ ඉතා බහුල ව යෙදෙන්නක් නොවීම
♦ ප්‍රසාද ගුණයෙන් (වහා වැටැහෙන බවින්) යුක්ත වීම
♦ යටත් පිරිසෙයින් අප ඇසුරෙහි ඇති ප්‍රධාන භාෂාවල වත් නොසැබි අරුතක් දෙන වදනක් නොවීම


 

ගුණාත්මක අරුත්බර නමක් තැබීමේ දී මේ ගැනත් සිතන්න

 

♦ නීරෝග භාවය උතුම් ම ලාභය යි.

එය අරුත් ගැන්වෙන නමක් දරුවාට තිළිණ කරන්න.

සුවත – සුවයට අත

සුවත්මා – සුවයට අත් මවන්නිය

 

♦ රටට දැයට ළැදි එඩිතර දරුවා ජාතියට අභිමානයෙකි. එ වන් විරු ගුණය දරුවා ගේ නමින් ම මතු කොට දෙන ඔබ ජාතියට ඉටු කරන්නේ මහඟු මෙහෙවරෙකි

එඩිර – හිරු ගේ එඩිය

විරුමිතා – වීරත්වයට මිතුරු බව ඇති

 

♦ කරුණාවෙන් මෛත්‍රියෙන් ලොව දිනන උතුම් මිනිසත් බව දරුවා ගේ නමින් ම අරුත් ගන්වන්න.

ඔමෙත – උසස් මෛත්‍රිය

මෙත්සේයා – මෛත්‍රියේ ඡායාව

 

♦ දැනුමෙන්, අවබෝධයෙන් ජීවිතය ජය ගන්නට ප්‍රඥාව මූර්තිමත් කරන නමක් ඉමහත් ආශිර්වාදයකි.

වියත් – ව්‍යක්ත බව ඇති

පැනසිකා – ප්‍රඥාවේ මුදුන

 

♦ කලාවට යොමු වූ අරුත්බර නමක් චින්තනය වින්දනය මුසු වූ සොඳුරු හදැති මිනිසකු බිහි කිරීමට මහත් රුකුලෙකි.

කලානෙත් – කලාත්මක ඇසක් ඇති

මියුරුමා – මිහිර මවන්නිය

 

 


කෙටි නාම

පිරිමි

කිත් – කීර්තිය

හිව් – උසස්

ගැහැණු

දිනි – ජය ඇති

සිති – සිතිවිලි සහිත

දිගු නම

පිරිමි

රන්දිනිසුරු – රන් හිරු

සත්මිතුවර – උසස් උතුම් මිතුරා

ගැහැණු

සුවන්සෙත්මා – ස්වර්ණමය ශාන්තියේ මාතාව

රන්දිල්වන්කා – රන් පැහැයෙන් බැබළෙන කයක් ඇති

ඉතිහාසයට සම්බන්ධ නම්

පිරිමි

රිවිඅබා – හිරු ගේ නිර්භීත

බව මේවන්තිස් – මේඝ වර්ණ තිස්ස

ගැහැණු

සෙන්පාලී – ජනතාව පාලනය

කරන්නිය රුවන්දේවි – මැණික් දේවිය

විවිධ ශබ්ද සහිත නම්

පිරිමි

සෙන්රිත් – ජනයාගේ කැමත්ත

විද්නාත් – විද්යාවට (දැනුමට) නායක අත

රොවෙන් – වෙනස් හිරක්

සන්වින් – කැමැත්තේ වින්දනය

සකිරු – හිරු ගේ ඇස

ගැහැණු

සුමිකි – මනා මිහිරි බිම

සයෝකා – මනා යෝග්‍ය බිම

ඔලීනා – උසස් නායක ලිය

කයාරා – කයේ පිළිවෙළ

සොමීරා – සෞම්‍ය රසය

දෙ ගුරුන් දරුවන් හට දෙන
ඉහළ ම දෑවැද්ද කුමන
නම ය සිය දැය හඟවන
අරුතැති සුභ ගණ අබ්මන

-අරීසෙන් අහුබුදු-

 

දෙමාපියන් දරුවනට දෙන ඉහළ ම දායාදය නම් සුබ ගණ සහිත, මනා අරුතක් ඇති, තමන් ගේ ජාතියේ අනන්‍යතාව දක්වන අභිමානවත් නම යි.