කලාසූරී අරීසෙන් අහුබුදුවෝ, කීර්තිමත් ලේඛකයෙකි, දේශකයෙකි, භාෂා විශාරදයෙකි, සිංහල ගී පබඳුවෙකි, කවියෙකි, ගත්කතුවරයෙකි. එ මෙන් ම තෙ වරක් රාජ්‍ය සාහිත්‍ය සම්මාන ද, ශී‍්‍ර ලංකා රජයෙන් කලාසූරී ගෞරව නාමය ද, හොඳ ම සලරූ (චිත‍්‍රපට) ගී පැබැඳුම සඳහා සරසවි සම්මානය ද ලබා ඇත. අලූත උපන් බිලිඳුනට නම් දීමෙහි ලා නවතම මඟක් හෙළි කළ හ. රාජ්‍ය ආයතන, බැංකු, මාධ්‍ය ආයතන, පුවත්පත්, වෙළෙඳ සංවිධාන ආදියට ද එ තුමන් විසින් නම් තබනු ලැබ ඇත. වැඩි දුර තොරතුරු සඳහා www.ahubudu.lk වෙබ් අඩවියට පිවිසෙන්න. www.ahubudu.lk

 

අහුබුදුවන් ගේ දියණියන් වන සමන්ති අහුබුදු සිය පියාණන් ගේ මෙහෙවර ඉදිරියට ගෙන යමින්, අහුබුදු ක‍්‍රමය අනුව දරුවන්ට ද ආයතනවලට ද නම් තැබීමේ කාර්යය අඛණ්ඩ ව සිදු කරගෙන යයි.

home iamge 4

අරීසෙන් අහුබුදු

කියවන්න
home img4

සමන්ති අහුබුදු

කියවන්න
samanthi ahubudhu

අප විසින් නිර්මාණය කරන ලද ව්‍යාපර හා ආයතන නාම

KA_Baby_Names_Business_Names_inline-min
baby-names-brands-inline-min

අපගේ සේවාදායකයෝ

2004 ඔක්තෝබර් 6 වන දින උපත ලද සිව් නිවුන් දරුවන් නම් කිරීමට අපට වරප්‍රසාද ලැබුණි; මෙය පළමු සිව් නිවුන් දරු උපත වන අතර් දෙවැනි ශ්‍රි ලාන්කීය සිව් නිවුන් දරු උපත 2020 අගෝස්තු 28 වන දින නාමල් ජයතිස්ස සහ එල්.ඒ.පී. ලියනආරච්චි ට ලැබුනි.

මෙ රට පුද්ගල නාමකරණයේ ඉතිහාසය සැකෙවින්

ලංකා ඉතිහාසයේ ආදි යුගයේ දී ජනතාව භාවිත කළේ ඉතා කෙටි නම් ය. ඒවා බොහෝ විට අකුරු දෙකතුනකට සීමා විය. එ බඳු නම් ගණන ද සීමා සහිත විය. අබා, සිව, ගැමුණු, තිස ආදිය එ බඳු නම් ය.

 

පිරිමි නම බොහෝ විට ආ, ඉ, ඊ ප්‍රත්‍ය‍ය ගන්වා ස්ත්‍රීන් ස‍‍‍‍දහා යොදා ඇත. බොහෝ විට පුද්ගලයන් විශේෂ කොට හදුනාගැනීම සඳහා නමෙහි ඉදිරියට යම් විශේෂණයක් යෙදූ බව පෙනේ. මහතිස, දුටුගැමුණු, පඬුඅබා ආදිය නිදසුන් ය.

 

අනුක්‍රමයෙන් ජනතාව වඩාත් දිගු නම් (බෙහෙවින් පාලි-සංස්කෘත නම්) භාවිතයට හුරු වූ බව පෙනේ. ඒවා විවිධාර්ඨ සහිත ව පුද්ගල අනන්‍යතාව දක්වන නම් විය.
පුර්තුගීසි, ලන්දේසි, ඉංගිරිසි යන ජාතීන් ගේ ආගමනයෙන් පසු ඔවුන් ගේ නම් – විශේෂයෙන් පුර්තුගීසි හා ඉංගිරිසි නම් – යෙදීමේ නැඹුරුවක් දක්නට ලැබිණ. දහනව වන සියවසේ අග සිට ධර්මපාලතුමන් ගේ ජාතික ව්‍යාපාරය ආදිය නිසා නැවත දේශීය නම් – සිංහල බෞද්ධ නැඹූරුවක් සහිත පාලි සංස්කෘත නම් – යෙදීමට ජනතාව හුරු වූ හ.

 

ඉන් පසු කලෙක හෙළ හවුලේ ආභාසය වැනි කරුණු නිසා වඩාත් කෙටි නම් යෙදීමට ජනතාව හුරු වූ හ. ඒවා හෙළ බසෙහි හා හෙළ දැයෙහි අනන්‍යතාව පෙන්වන නම් විය. ඒ නැඹුරුව වඩාත් ඔපවත් වූයේ අරීසෙන් අහුබුදු සූර්‍රීන් ව්සින් තනන ලද සරල, මිහිරි, අරුත්බර නම් නිසා ය.

litro gas

ලිට්රෝ ගෑස්

කැන්රිච් ෆිනෑන්ස්

kanrich
sadeepa

සදීප බුක්ෂොප්

සෙත්සද යෝග නිකේතනය

sethsanda